ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්, පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.

 

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ජනවාරි මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.

ජනවාරි මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ පැවති මිල ගණන් 2025 ජනවාරි මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.





අපේ රටේ ව්‍යාපාර වල දියුණුවට ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය.


ශ්‍රී ලංකාව කියන්නේ දරුණු ආර්ථික උද්ධමනයකට මුහුණ දීමෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් නැවතත් ස්ථාවර තත්වයකට පත් වෙමින් තිබෙන රටක්. මේ නිසාම අපේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ එය ස්ථාවරව පවත්වාගෙන යාම වගේම ඒ ඔස්සේ ලාභ ලැබීම පහසු කාරණයක් නෙමෙයි. රටේ තිබෙන සෑම භාණ්ඩයකටම සහ සේවාවකටම වටිනාකමටත් වඩා වැඩි මිලක් නියම වී තිබෙන මේ වටපිටාව තුල තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නට ව්‍යාපාරිකයන් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා. බොහොමයක් ව්‍යාපාරික කටයුතු වලදී ගින්දර භාවිතයෙන් සිදු කරන කටයුතු සදහා දර හෝ දහයියා වැනි ප්‍රාථමික ඉන්ධනත්, භූමිතෙල්, විදුලිය හෝ ගෑස් භාවිතා කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා. ඉතින් අපි කලින් සදහන් කල ඉන්ධන වලට වඩා ලිට්රෝ ගෑස් භාවිතා කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ලැබෙන වාසි ගැන වගේම අපේ රටේ ව්‍යාපාර වල දියුණුවට ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න අපි සූදානම්. 

01. පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රියමනාප වටපිටාවක් නිර්මාණය කිරීම. 

ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ලෝකයේ, ව්‍යාපාරයක් වෙත පාරිභෝගිකයෙක් ඇදී එන්නේ එම ව්‍යාපාරය අවට තිබෙන වටපිටාව පිළිබදව සැලකිලිමත් වීමෙන් පසුවයි. දර නිසා අධිකව ඇති වන දුම, භූමිතෙල් නිසා ඇතිවන දුර්ගන්ධය වැනි කරුණු නිසා පාරිභෝගිකයන්ට එම ව්‍යාපාරික ස්ථානය ඒ තරම් ප්‍රසංසනීය ගැගීමක් ඇති කරවන්නේ නැහැ. නමුත් ගෑස් භාවිතා කිරීමේදී අනවශ්‍ය දුමක් හෝ දුර්ගන්ධයක් නිකුත් නොවන නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය සුවදායී වටපිටාව නිර්මාණය වීම සිදු වෙනවා. මේ නිසා වැඩි පාරිභෝගික ආකර්ශණයක් හිමි වීම ව්‍යාපාරිකයන් ගෑස් භාවිතා කිරීමෙන් ලබන එක් ප්‍රධාන වාසියක් වෙනවා. 

02. භාවිතයේ සහ ගබඩා කිරීමේ පහසුව. 

දර වැනි ඉන්ධන ගබඩා කිරීමේදී ඒවා නොතෙමී තබා ගැනීම, වේයන්ගෙන් වන හානි වලින් ආරක්ෂා කර ගැනීම සදහා විවිධාකර ක්‍රම සහ විධි අනුගමනය කල යුතු වෙනවා. ඒ වගේම ඒ සදහා අමතර ඉඩක් සහ කාලයක්ද වෙන් කිරීමට ව්‍යාපරිකයන්ට සිදු වෙනවා. ඒ වගේම වැසි සහිත කාලගුණ තත්වයන් වලදී දර භාවිතය හෝ ප්‍රවාහනය කිරීම ඒ තරම් පහසු වෙන්නේ නැහැ. නමුත් ගෑස් ටැංකි වශයෙන් පවතින නිසාත් අඩු ඉඩකඩක් තුල ගබඩා කල හැකි නිසාත් ව්‍යාපරිකයන්ට පහසුවෙන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩ හිමි වෙනවා. 

03. සහනදායී මිල සහ මිලදී ගැනීමේ පහසුව. 

ශ්‍රී ලංකාව පුරාම විහිදුණු අලෙවි නියෝජිත ජාලය මගින් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට සරිලන ගෑස් ටැංකි විවිධ ප්‍රමාණවලින් මිලදි ගන්නට පුළුවන්. ඒවගේම ලෝක ගෑස් මිලේ සිදුවෙන වෙනස් වීම් සහ සංශෝධන වල සහන මිල සෘජුවම පාරිභෝගිකයන්ට ලබා ගැනීමටත් ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ට අවස්ථාව  සලස්වා දි තිබෙනවා. මේ නිසා අපිට අවීවාදයෙන් පිළිගත හැකි කරුණ වන්නේ ව්‍යාපාර සාර්ථක කර ගැනීම සදහා ගෑස් භාවිතය ඉතා වැදගත් සාධකයක් බවයි. 

අද ලිපියෙන් අපි ඔබ සමග කතා කලේ ලිට්රෝ ගෑස් භාවිතා කරමින් ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වල දියුණුවට ගෑස් භාවිතය දක්වන දායකත්වය ගැනයි. ඉතින් මේ වගේම ලිපියකින් නැවතත් ඔබව හමුවෙන තුරු සියලුම දෙනාට සුබ දවසක්!

ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.


මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි. සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම දෙසැම්බර් මාසයේ සීත ඍතුව එළඹීමත්,උත්සව සාමය උදාවීමත් නිසා මුළු ලෝකයේම ගෑස් ඉල්ලුම විශාල ලෙසින් ඉහල යන අතර මිල සුතරයට අනුව ගෑස් මිල ඉහල යාම අපේක්ෂා කිරීමට පුලුවන්. නමුත් මෙවන් උත්සව කාල වකවානුවක වුවද ගෑස් මිල ඉහළයාම ලිට්රෝ සමගම දරාගනිමින් පාරිභෝගිකයාට සහනයක් ලබාදීමටයි ලිට්රෝ සමාගම කටයුතුකර තිබෙන්නේ. දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව නොවැම්බර් මාසයේ පැවති මිල ගණන් දෙසැම්බර් මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.





අද ගෑස් මිල සංශෝධනයක්.


ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වී ඇති බව අපිට දකින්න පුළුවන්. ඒ හා සමගාමිව අපේ රටෙත් සාමාන්‍ය පරිදි මිල සංශෝධයක් සෑම මසකම මුල සිදුවෙනවා.

ලිට්‍රෝ සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි. කෙසේ වෙතත්, පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් නොවූ අතර, අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් ලෙසයි අවසන් වරට සටහන් වුනේ.

දර භාවිතයේ නිවසකට එතරම් සුදුසු නෑ, හොදම විකල්පය එල් පී ගෑස්.

අතීතයේ පටන් සාම්ප්‍රදායික ගැමියන් ඉන්ධනයක් වශයෙන් ආහාර පිසීම වැනි කාර්යයන් සඳහා දර භාවිතා කිරීම සිදුකරලා තියෙනවා. ඉතාමත් පහසුවෙන් පරිසරයෙන් ලාභදායී ලෙස සොයා ගැනීමට හැකි ඉන්ධනයක් නිසා ගම්බද ජනතාව ආහාර පිසීම වැනි කාර්යයන් සඳහා ඉන්ධනයක් වශයෙන් යොදා ගත්තේ දර. නමුත් විවිධ විද්‍යාත්මක පරීක්‍ෂණයන් වලට අනුව දීර්ඝ කාලීනව ආහාර පිසීම සඳහා දර භාවිතා කිරීමේදී ඇති විය හැකි අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵලයන් පිළිබඳව වර්තමානය වන විට විවිධ කතිකාවන් නිර්මාණය වී ඇත.

දර භාවිතා කිරීමේදී අති විශාල කාබන් තොගයක් පරිසරයට මුදා හැරෙනවා. ලිප ළඟම ඉඳගෙන ආහාර පිසීමේදී මෙම වායුව දීර්ඝ කාලීනව ආග්‍රහණය කිරීමේදී එය ස්වසන රෝග ඇතිකිරීමට තරම් දරුණු තත්ත්වයක් විය හැකියි.

වර්තමානයේ දර භාවිතා කරන බහුතරයක් දෙනා සෘජුව හෝ වක්‍රව විවිධ ස්වසන ආබාධ වලට මුහුණ දීමට සිදුවී ඇත. නමුත් දර වැනි ඉන්ධන තුළින් නිකුත්වන අධික කාබන් සහිත දුම නිසා පරිසර විනාශය වගේම සෞඛ්‍යයට සිද්ධ වෙන්නේ විශාල හානියක්. පිළිබඳව බුද්ධිමත් ජනතාව වශයෙන් ඔබ අවධානය යොමු කළ යුතුයි.

දර භාවිතා කිරීමේදී නිරන්තරයෙන්ම කහ හෝ තැඹිලි පැහැති ආලෝකයක් විහිදෙන අතර. එය ඉතා අහිතකර තත්වයක්. නමුත් ලොව පුරා බහුතරයක් දෙනා භාවිතා කරන LP ගෑස් භාවිතාරීමේදී එය දැල්වෙන විට නිල් පැහැති වායුවක් නිකුත්වේ. එම වායුව ශරීරයට මෙන්ම පරිසරයට හිතකාමී වායුවක් වන අතර තුළින් සිදුවන හානිය ඉතාමත් අවමයි. මෙවැනි හේතු කාරණා නිසාම සියල්ලටම ප්‍රථම තමන්ගේ ආරක්ෂාව අංක එක කරගනිමින් වඩා ඵලදායී ශක්ති ප්‍රභවයක් වන LP ගෑස් භාවිතා කිරීමට ඔබත් යොමු විය යුතුයි.


ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්, පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.


මාසික ගෑස් මිල සංශෝධනයට අනුව නොවැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.

නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


ඒ අනුව ඔක්තෝබර් මාසයේ පැවති මිල ගණන් නොවැම්බර් මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.




එදිනෙදා ජීවිතය පහසු කරන එල්පී ගෑස් පිළිබඳව ඔබ නොදැන සිටි කතාවක්.



අතීතයේ ආහාර පිසීම කියන්නේ බහුතරයක් ගෘහණියන් විවධ ගැටලු වලට මුහුණ දුන්නූ අවස්ථාවක්. හැබැයි වර්තමානයේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන ගෑස් එහෙමත් නැත්නම් එල් පී ගෑස් භාවිතය වැඩි වීමත් සමඟම වර්තමානයේ නිවෙස් වල ගෘහණියන්ට ඉවීම කියන දේ එතරම් අපහසු කාරණාවක් වුණේ නැහැ.

එනිසාම අද අපි කතා කරන්න යන්නේ එල්පී ගෑස් භාවිතා කරන බහුතරයක් දෙනා නොදන්න එල්පී ගෑස් පිළිබඳව  නොදත් කරුණු කීපයක්  සඳහන් කරන්නයි.

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත නිෂ්පාදිතයක් වීම

තමන් සපයන නිෂ්පාදනය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත බව සනාථ කිරීමට ආයතනයකට හැකියාව ලැබෙනවා කියන්නේ ඒ නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නැහැ.එනිසා සමස්ත වෙළඳපල ඉල්ලුමෙන් සියයට 75 කටත් වඩා වැඩි කොටසක් එල්පී ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කරන ලිට්රෝ ගෑස්  සමාගම ආනයනය කරන  සංයෝග වන ප්‍රොපේන් සහ බියුටේන් ජාත්‍යන්තර සම්මිශ්‍රණයට අනුව පමණක්ම ආනයනය කරන බවත් ජාත්‍යන්තර වෙළඳපොලෙන් ගෑස් නැව් ගත කරන අවස්ථාවේ මෙන්ම ඒවා කෙරවල පිටියේදී ගොඩ බාන අවස්ථාව දක්වාම නිසි ප්‍රමිති ගත ක්‍රමවේදය අනුගමනය කරන බවටත් ඔවුන් විසින් සහතික කරනවා.මේ පිළිබඳවත් බහුතරයක් දෙනා දන්නෙ නෑ. නමුත් එය දැන ගැනීමත් ඉතා වැදගත් කරුණක්.

ආහාර පිසීම පහසු කිරීම.

අද වන විට ප්‍රධානම ඉන්ධන ප්‍රභවයක් ලෙස එල්පී ගෑස් සියලු කර්මාන්තවල විවිධ ආකාරයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කරනවා. ඉහළ කාර්යක්ෂමතාවයකින් අඩු කාල වේලාවකින් ආහාර පිසීම සඳහා අවශ්‍ය උෂ්ණත්වය හැකි ඉක්මනින් ලබාදෙන නිසාත් ඒ උෂ්ණත්වය වරින් වර පාලනය කිරීමට හැකිවීම නිසාත් එල්පී ගෑස් භාවිතා කිරීම ලේසි පහසු කාර්යයක් බවට පත්වෙලා.සාමාන්‍යයෙන් ගෘහණියක් දර භාවිතා කොට ආහාර පිසිනවාට වඩා ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මේ එල්පී ගෑස් භාවිතයෙන් ආහාර පිසීමේ කලාව ලෝකයම පිළිඅරගෙන අවසන්.

නිසි උෂ්ණත්වයක් ලබාදීම

සමකය ආසන්නයට රටක් වන ලංකාවේ අපිට නම් උෂ්ණත්ව ගැටලුව නිතර ඇතිවන ගැටලුවක් නෙවෙයි.අධික සීත කාල දරා ගැනීමට නොහැකි රස්න කාල කෙටි කාලයක් තුළදී අවසන් වන දේශගුණික රටාවක් තමයි ලංකාව තුළ තියෙන්නේ.හැබැයි මීට අමතරව අධික ශීතලෙන් පීඩා විඳින බොහොමයක් රටවල් නිතරම උත්සාහ ගන්නවා තමන්ගේ නිවස අවට ප්‍රදේශයෙන් නිසි උෂ්ණත්වය පවත්වාගෙන යාමට.එනිසාම බහුලව ඔවුන් හීටර වැනි විද්‍යුත් උපකරණ භාවිතා කරනවා නිවසේ උෂ්ණත්වය රඳවා තබා ගැනීමට.ඒ වෙනුවෙන් බහුතරයක් දෙනා භාවිතා කරන ප්‍රධාන ඉන්ධනය තමයි එල්පී ගෑස්.මේක බොහෝ දෙනා නොදන්න කරුණක්. හැබැයි එල්පී ගෑස් මඟින් පහසුවෙන් උෂ්ණත්වය අඩු ප්‍රදේශවල උෂ්ණත්වය රඳවා තබාගෙන තමන්ගේ දෛනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමේ හැකියාව තියෙනවා.

 විනෝද චාරිකාව වැනි අවස්ථාවන්වලදී අවශ්‍ය කරන ආලෝකය සහ තාපය ලබා ගැනීමට ඒ වගේම ආහාර පිසීම වැනි කාර්යයන් සඳහා එල් පී ගෑස් බහුලව භාවිතා කරනවා.ඊට අමතරව බල ශක්තිය ඒ කියන්නේ විදුලිය නොමැති ප්‍රදේශවල ආලෝකය ලබා ගැනීම ඇතුළු දෛනික කටයුතු ඉටු කර ගැනීමටත් එල් වී ගෑස් විවිධ රටවල් වල  ප්‍රභවයක් ලෙස භාවිතා කරන බවත් මතක් කළ යුතුමයි.

ගෑස් භාවිතා කරන්නේ උයන්න විතරක් කියලා හිතපු බහුතරයක් දෙනාට අද ඉඳන් ඒ තුළින් කරන අනිකුත් කටයුතු පිළිබඳවත් පුළුල්ව හිතන්න මේ ලිපිය බෙහෙවින්ම උපකාරී වේ.

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo