ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය: තීන්දුව මොක්ක වෙයිද ?

*අවවාදයයි: මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණුවලින් ඇතැම් පාඨකයින්ට කම්පනයක් ඇතිවිය හැකි ය. 

 ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද (සැප්. 21) සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණයේදී අවසන් වූ අතර, එහි තීන්දුව මෙම මස 28 වෙනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය. එම චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගය අද දිනයේ දී සිව්වන දිනයටත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි. 

 එහිදී රජයේ අධිචෝදකවරිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ධනුෂ්ක ගුණතිලක මෙම සිද්ධියට පෙර සිටම ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්වූ තරුණිය දිගින් දිගට ම හඹාගොස් ඇතිබව පවසා සිටියාය.

අදාළ තරුණිය විසින් ඔප්පු කළ නොහැකි "කතාවක්" නිර්මාණය කර ඇති බව එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර ඇත.

ඉන්දියාව අපේ කණට ගැසූ එක ලෝක කුසලානෙට තල්ලුවක් - පුහුණුකරු සිල්වර්වුඩ්

 යේ ආසියානු කුසලානය හමුවේ ඉන්දියාව වෙතින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු සුන් කරවන පරාජයක් ලැබූ නමුත් එය ධනාත්මකව ගතයුතු බවත් එළැඹෙන ලෝක කුසලානේදී ප්‍රමුඛ කණ්ඩායම්වලට එරෙහිව දැඩි ලෙස තරඟ කිරීමට අවශ්‍ය "අවදි කිරීමේ ඇමතුමක්" ඉන් ලැබුණු බවත්  ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ් පවසයි.

සමහර විට ශ්‍රී ලංකාව යථාර්තය වෙත නැවත ගමන්කරන  කම්පනයක් මින් ලැබුණා...එය දිගු කාලීනව ඔවුන්ට යහපත් වනු ඇත.

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ක්‍රික් ඉන්ෆො සමග කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ශ්‍රී ලංකාව කඩුලු 10 ක දැවැන්ත පරාජයකට ලක්වූ තරගයේදී සියල්ලන් ලකුණු 50කට දැවී ගිය අතර ඊට පසු ඉන්දියාව ඕවර හතක් ඇතුළත ඉලක්කය කරා යාමට සමත් විය. “සමහර විට අපට කණට ගැසීම ලෝක කුසලානයකට යන කණ්ඩායමක් හැටියට නරකම දෙය නොවේ,” ඔහු පැවසීය. 

සමහර විට මෙය අවදි කිරීමේ ඇමතුමක් පමණක් විය හැකිය, අපට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි කණ්ඩායම් සමඟ තරඟ කිරීමට එය අනු බලයක් වේවි.අපි අපගේ ක්‍රීඩාවේ ඉහළින්ම සිටිය යුතුය. සමහර විට අපට භාවිතා කළ හැකි පාඩමක් මෙයින් ලැබුණා.. එය ලෝක කුසලානයට සාර්ථකව යාමට අපව පෙලඹවිය හැකිය.  ඔහු පැවසීය.

"පැහැදිලිවම එය අපේ නරක දවසක්‍. පැහැදිලිවම අපි ඉතා ඉහළ පෙළේ පන්දු යැවීමේ ඒකකයකට පැරදුණා. අපි මෙලෙස අවසන් කිරීම ලැජ්ජාවට කරුණකි. එය අපට වැඩිපුර දරාගන්න අමාරු තරම් දරුණුයි ' නමුත් විශාල තරඟාවලියක් එනවා. ඉගෙනීමට පාඩම් සිතා බැලිය යුතුයි අපි ඉදිරියට යා යුතුයි." කෙසේ වෙතත්, සිල්වර්වුඩ් ශ්‍රී ලංකාවේ උත්සාහයේ ගුණාත්මක බව අවසන් මහා තරගය දක්වාපැවති බව  පිළිගත්තේය. 

ශ්‍රී ලංකා කන්ඩායම බංග්ලාදේශය දෙවරක් පැරදවූ අතර, පකිස්ථානයට එරෙහිව ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජයග්‍රහණ ලබාගෙන තිබුණි. ඒවා ගැන ඔහු විශේෂයෙන් සතුටු විය. තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ  හා මතීෂ පතිරණ තරඟාවලියේ කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ඉහළටම පැමිණීමද ජයග්‍රහණයකි. "අවසන් තරගයට යාමට අපි ඉතා හොඳ ක්‍රිකට් කිහිපයක් ක්‍රීඩා කළා. අපිට ගොඩක් සටන් කරන්න සිද්ධ වුණා. මට ඒ සටන් ටිකත් ජයග්‍රහණයක්." සිල්වර්වුඩ් පැවසීය.



ආසියානු කුසලානයේ ජය ලංකාවටද? අවසන් මහා තරඟය ගැන විචාරකයින් කියූ ප්‍රබලතම අනාවැකිය | Asia Cup 2023

මේ දවස් වල අපේ රටේ ප්‍රධානම මාතෘකාව එහෙමත් නැත්නම් උණුසුම් කතා බහ බවට පත් වෙලා තියෙන්නෙ පිත්තෙන් පන්දුවෙන් දස්කම් දක්වන අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම ගැනයි. පකිස්තානය සමග පැවැත්වුණු එක්දින තරගයෙන් තියුණු ජයක් ලැබීමෙන් පසුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබපු ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබුවේ 12 වෙනි වතාවටයි. ශ්‍රී ලංකාව ලබා ගත්  මේ අභියොගාත්මක ජයත් සමගම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන තරගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඉතින් මේ තරගය ගැන ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්, ක්‍රීඩකයන් මේ වන විටත් පළ කර තිබෙන අනාවැකි මොනවාද? ආසියානු කුසලාන ජය මේ වසරේත් ශ්‍රී ලංකාව සතු කර ගන්නට අපිට පුළුවන් වෙයිද? ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි. එහෙනම් රැදිලා ඉන්න අදත්, මේ උණුසුම් වීඩියෝව අවසාන වෙන තුරුම. 

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධ තත්වයන් වලට ලක් වී තරග කිරීමට නුසුදුසු තත්වයට පත් වීම නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආසියානු කුසලානය ගැන තරමක් සෘණාත්මක අදහස් පසුගිය දවස් කිහිපය පුරාම පළ කලා. නමුත් එම අනාවැකි සියල්ලම අසත්‍යයක් බවට පත් කරමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන දක්ෂතා දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය තරගාවලිය පුරාම සමත් වුනා.

මෙරට උගත්තු ෂෙඩ්වල, අවන්හල් සේවයේ

 මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 

තම තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බව දැනගන්නට ඇත. සෙසු වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශ ගතව සිටින බව පැවසෙන්නේ රටේ ආර්ථික තත්වය හේතුවෙන් ඇතිවූ පීඩා සමනය කරගැනීම සඳහාය. 

මේ අතර මෙරටේ විවිධ වෘත්තිකයන් පන් දහසකට වැඩි පිරිසක් මේ වනවිට විදේශ ගතව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 

වෘත්තිකයන් විදේශගතවීම කොරොනාවලින් පසු වැඩිවූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය ඕස්ට්‍රේලියාව යන රටවලටය.


DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo