Slider

ආසියානු කුසලානයේ ජය ලංකාවටද? අවසන් මහා තරඟය ගැන විචාරකයින් කියූ ප්‍රබලතම අනාවැකිය | Asia Cup 2023

මේ දවස් වල අපේ රටේ ප්‍රධානම මාතෘකාව එහෙමත් නැත්නම් උණුසුම් කතා බහ බවට පත් වෙලා තියෙන්නෙ පිත්තෙන් පන්දුවෙන් දස්කම් දක්වන අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම ගැනයි. පකිස්තානය සමග පැවැත්වුණු එක්දින තරගයෙන් තියුණු ජයක් ලැබීමෙන් පසුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබපු ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබුවේ 12 වෙනි වතාවටයි. ශ්‍රී ලංකාව ලබා ගත්  මේ අභියොගාත්මක ජයත් සමගම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන තරගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඉතින් මේ තරගය ගැන ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්, ක්‍රීඩකයන් මේ වන විටත් පළ කර තිබෙන අනාවැකි මොනවාද? ආසියානු කුසලාන ජය මේ වසරේත් ශ්‍රී ලංකාව සතු කර ගන්නට අපිට පුළුවන් වෙයිද? ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි. එහෙනම් රැදිලා ඉන්න අදත්, මේ උණුසුම් වීඩියෝව අවසාන වෙන තුරුම. 

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධ තත්වයන් වලට ලක් වී තරග කිරීමට නුසුදුසු තත්වයට පත් වීම නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආසියානු කුසලානය ගැන තරමක් සෘණාත්මක අදහස් පසුගිය දවස් කිහිපය පුරාම පළ කලා. නමුත් එම අනාවැකි සියල්ලම අසත්‍යයක් බවට පත් කරමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන දක්ෂතා දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය තරගාවලිය පුරාම සමත් වුනා.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo