විදුලි බිල 18%කින් වැඩි වෙද්දි ගෑස් මිලත් වැඩිවෙන ලකුණු.

ආර්ථික උද්ධමනය නිසා අපේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල නොසිතූ විරූ අයුරින් ඉහළ ගිය ආකාරය ඔබට මතක ඇති. යම් තරමකින් හෝ රටේ පාරිභෝගික ජනතාවට සහනයක් ලැබෙමින් පවතින මොහොතක අද දිනයේ සිදුවූ විදුලි මිලේ සංශෝධනය සාමාන්‍ය ජනතාවට එල්ල වූ මරු පහරක් බවට පත් වුනා. 

විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ස්ථාවර ගාස්තු වැඩිකිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දීමත් සමග 18% කින් විදුලි බිල ඉහල දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය අද දිනයේ කටයුතු කලා.  මීට පෙර මෙම වසරේදීම විදුලි බිල 66% කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කල අතර ඔවුන් මේ 18% ක ප්‍රමාණයකින් වැඩි කලේ එකම වසරක් තුල සිදු කල දෙවන මිල වැඩි කිරීම ලෙසයි. ඒවගේම මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් පිළීබදව ඔබ දැනටමත් දන්නවා ඇති.

මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම්

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 

පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නිල් නිලිය ඊශ්‍රායලයෙන් ගේ_ම ඉල්ලයි | Israel Palestine Mia khalifa

ඊශ්‍රායලය මේ වන කොට මුස්ලිම් ත්‍රස්තයන්ට ඇටි හැලෙන්න පහර දෙමින් ඉන්නවා.  හමාස් සංවිධානයට මේ වන කොට හුරතල් නැති පිළිතුරු ඊශ්‍රායලය විසින් ලබාදෙනවා.. හමාස් ත්‍රස්තයින් පවසා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන සෑම ගුවන් ප්‍රහාරයකටම එක් ප්‍රාණ ඇපකරුවෙකු බැගින් මරා දමන බවයි. කොහොම හරි හමාස් සංවිධානය හිතුවේ මේකට ඊශ්‍රායලය බය වෙයි කියලා.. ඒත් මේකට ඊශ්‍රායල ජනපති බෙන්ජමිම් නෙතන්‍යාහුගෙන් ලැබුනේ අදහාගත නොහැකි පිළිතුරක්...

" එහෙම කලොත් මතක තියාගන්න අපි ලොකු විනාශයක් කරලා මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩමක් උගන්වනවා...අපි   ලෝකයේ  පරම්පරා ගානකට මතක තියෙන්න දඩුවමක් දෙනවා..ඒ වගේම ත්‍රස්තවාදීන්ට උදව් දුන්න රටවල් වලටත් අමතක නොවන පාඩමක් ලබාදෙනවා.." බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර සිටියා.. 

වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  ගලේවෙල  තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින්  බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  ඊයේ (10) මෙම අනතුර සිදුවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි   දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි විසි පස් හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියක බව ගලේවෙල පොලිසිය කියයි.

දඹුල්ල  සිට ගලේවෙල දෙසට කාන්තා පොලිස්   කොස්තාපල්වරිය   යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි ඇත.

ගලේවෙල ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී   තලකිරියාගම   විහාරස්ථානය ආසන්නයේ දී වාහන 2ක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය කියයි

(කාංචන කුමාර ආරියදාස සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo