Slider

වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  ගලේවෙල  තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින්  බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  ඊයේ (10) මෙම අනතුර සිදුවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි   දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි විසි පස් හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියක බව ගලේවෙල පොලිසිය කියයි.

දඹුල්ල  සිට ගලේවෙල දෙසට කාන්තා පොලිස්   කොස්තාපල්වරිය   යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි ඇත.

ගලේවෙල ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී   තලකිරියාගම   විහාරස්ථානය ආසන්නයේ දී වාහන 2ක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය කියයි

(කාංචන කුමාර ආරියදාස සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo