මහනුවර - යාපනය A9 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේදී සිදුවුනු ඛේදනීය රිය අනතුර

මහනුවර - යාපනය A9 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේදී  රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිසිය සඳහන් කළේ යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම බස් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇති අවස්ථාවක  එය අලුත් වැඩියා කරමින් සිටියදී ,එම දිසාවෙන් පැමිණි ලොරි රථයක් රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ ගැටුණු බවයි.

මෙම අනතුරෙන් බස් රථයේ රියදුරුට හා මඟින් කීප දෙනෙකුට බරපතල තුවාල සිදු වූ අතර (25) දින රාත්‍රියේ ඔවුන් මානකුලම රෝහලට ඇතුළත් කර ඇති අතර  ඒ අතරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් වයස 39ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන  බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ අතර අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.



විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේ නිදහස්

බෙල්මාෂර් බන්ධනාගාරයේ සිරගත වී සිටි විකිලීක්ස් - ජුලියන් අසාන්ජ්ව නිදොස් කොට නිදහස් කර ඇති බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් එකඟ වූ කොන්දේසි කීපයක් මත අසාන්ජ්ට එම නිදහස හිමි වූ බවට වැඩිදුරටත් සඳහන් වේ.

2019 වසරේ අප්‍රේල් 11 වැනි දින ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඇමරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීමේ චෝදනාවක් යටතේය.

ජුලියන් අසාන්ජ් මුහුණ දුන් මෙම අභියෝගාත්මක තත්ත්වය තුළින් මාධ්‍යවේදීන්ගේ භාවිතයන්හි සීමා මායම් සහ තොරතුරු හෙළි කරන්නන්ගේ (Whistleblower ) ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වතාවක් සමාජය තුළ කතිකාවන් නිර්මාණය වී ඇත.ඒ තුළින් මහජන අවශ්‍යතා ඇති  තොරතුරු හෙළි කිරීමට උත්සාහ කරන පුද්ගලයන් නිරන්තරයෙන්ම මුහුණ දෙන අභියෝග පිළිබඳව ද අවධානය යොමු වී ඇත.

Report by Idapz Correspondent

අදානිගේ මන්නාරම් සහ පුනරීන් සුළං විදුලි බලාගාරයට තිත.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීම උදෙසා අදානි ග්‍රීන් එනර්ජි සමාගමත් සමග අවබෝධතා ගිවිසුමකට පිවිසීමට 2022 මාර්තු 07 වෙනිදා කැබිනට් අනුමැතිය හිමි විය.

නමුත් මෙම වැඩ පිළිවෙළ තුළදී ඇති වූ විවිධ පරස්පර විරෝධී අදහස් හේතුවෙන් මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල එලෙස ඉදිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 480ක සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රධානය කිරීමේ අනුමැතිය අත්හිටවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

ඔවුන් ඒ සඳහා හේතු ලෙස දක්වනුයේ, එම ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය  සහ අදානි සමාගම අතර ගිවිසුමේ සඳහන් වූ මූලික තොරතුරු ලබාදෙන ලෙස අදාළ සමාගමෙන් ඉල්ලීමක් කළත් එම තොරතුරු නොලැබුණු බවයි.

එම නිසාම එම තොරතුරු නොමැතිව තවදුරටත් ඉදිරියට එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

එම තොරතුරු නොමැතිව විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලි බල පනත යටතේ මන්නාරම සහ පුනරින් සුළං විදුලි බලාගාරවලට තවදුරටත් අනුමැතිය හිමි නොවේ.

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo