Slider

අදානිගේ මන්නාරම් සහ පුනරීන් සුළං විදුලි බලාගාරයට තිත.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීම උදෙසා අදානි ග්‍රීන් එනර්ජි සමාගමත් සමග අවබෝධතා ගිවිසුමකට පිවිසීමට 2022 මාර්තු 07 වෙනිදා කැබිනට් අනුමැතිය හිමි විය.

නමුත් මෙම වැඩ පිළිවෙළ තුළදී ඇති වූ විවිධ පරස්පර විරෝධී අදහස් හේතුවෙන් මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල එලෙස ඉදිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 480ක සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රධානය කිරීමේ අනුමැතිය අත්හිටවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

ඔවුන් ඒ සඳහා හේතු ලෙස දක්වනුයේ, එම ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය  සහ අදානි සමාගම අතර ගිවිසුමේ සඳහන් වූ මූලික තොරතුරු ලබාදෙන ලෙස අදාළ සමාගමෙන් ඉල්ලීමක් කළත් එම තොරතුරු නොලැබුණු බවයි.

එම නිසාම එම තොරතුරු නොමැතිව තවදුරටත් ඉදිරියට එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

එම තොරතුරු නොමැතිව විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලි බල පනත යටතේ මන්නාරම සහ පුනරින් සුළං විදුලි බලාගාරවලට තවදුරටත් අනුමැතිය හිමි නොවේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo