Slider

තත්ත්ව සහතිකයන්ගෙන් සහ ජයග්‍රහණයන්ගෙන් පිදුම් ලැබූ ලිට්රෝ සමාගම.

0

 


සියයට 75 කටත් වඩා අධික පාරිභෝගික ජනතාවට තම නිෂ්පාදිතයන් බෙදා දුන් ලිට්රෝ  සමාගම කියන්නේ රාජ්‍ය ආයතන අතරින් ප්‍රමුඛම ස්ථානයක් ලබා ගන්නා රාජ්‍ය ආයතනයක්.ලිට්රෝ සමාගමේ කැපී පෙනෙන අනගි බවනීය දැක්ම සහ මෙහෙවර නිසාම ඔවුන් විවිධ අවස්ථාවන්වලදී ජයග්‍රහණයන් සහ තත්ත්ව සම්මාන වලින් පිදුම් ලබන්න වාසනාවන්ත වුණා.

ඒ අතරින් ඔවුන් 2008 වසරේදී ISO 45001 තත්ත්ව සම්මානයට හිමිකම් කියන්නත් ISO 14001 OHSAS18001 යන ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සුදුසුකම් ලබන්නත් වාසනාවන්ත වුණා. විවිධ බාධක අභියෝග ජයගනිමින් ඉදිරියට ගිය ලිට්රෝ සමාගම ඉන් අනතුරුව 2018 වර්ෂයේදී නැෂනල් ග්‍රීන් සම්මානයත් 2018 වර්ෂයේදී විශිෂ්ටතා සම්මානය ඇතුළු සම්මානයන් සහ තත්ත්ව සහතික රැසක් දිනා ගැනීමට සුදුසු ආයතනයක් බවට පත්වුණා.

අනතුරුව  ශ්‍රී ලංකා ප්‍රමිති ගත ආයතනයේ නිර්ණායකවලට අනුව SLS 1672.2020 ප්‍රමිති සහතිකය දිනා ගැනීමටත් ලිට්රෝ සමාගම සමත් වුණා.මෙවැනි සම්මානයන් සහ  තත්ත්ව සහතික සමඟ සාර්ථක ගමන් මඟකට අවතර්න වූ ලිට්රෝ සමාගම අද වන විට ගැස් බෙදා හැරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කරන අතර මධ්‍යස්ථාන 37ක්  ඒ වගේම අලෙවි මධ්‍යස්ථාන 11000ක් සමග ව්‍යාප්ත කෙරූ විශාල මෙහෙයුම් පද්ධතිය හේතුවෙන් එය ඇගයීමකට ලක් කරනු පිණිස  2018 වර්ෂයේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඒ සඳහා වන ලෝකෙට සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

මේ එතෙක් මෙතෙක් කාලය තුළ ඔවුන් ලැබූ එක්තරා සුළු ජයග්‍රහණ ප්‍රමාණයක් පමණයි.ජාත්‍යන්තර ප්‍රමිති ගත නීතීන්ට අනුකූලව තම නිෂ්පාදිතයන් වෙළඳපොලට මුදාහරින ලිට්රෝ සමාගම තව බොහෝ කාලයක් මේ ආකාරයෙන්ම වැජඹේවා යනුවෙන් අපි ඔවුන්ට සුභ පැතුම් එක් කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo